Search

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය නැවතත් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ඔක්තෝබර් මාසයේදී නැවතත් ඉහළගොස් තිබෙනවා.

ඒ අනුව පෙර මාසයට සාපේක්ෂව එය සියයට 0.2 කින් ඉහළ ගොස් ඇත්තේ සියයට 3.7 දක්වායි.

පසුගිය මාසයේදී පුද්ගලයන් 55,000 කට අලුතින් රැකියා ලැබී ඇතත් රැකියා නොමැති පිරිස 28,000 කින් වැඩි වී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල දත්තවල දැක්වෙන්නේ.

මේ අනුව පසුගිය ජූලි මාසයේදී විරැකියාව පැවති මට්ටමට නැවතත් මෙරට විරැකියා අනුපාතය පත්වී තිබෙනවා.

ඔක්තෝබර් මාසයේදී රැකියා පැය ගණනද සියයට 0.5 කින් ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය කියාසිටියේ.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »