නවසීලන්තය පරදා ඉන්දියාව අවසන් මහා තරගයට

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 70ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.

නවසීලන්තය සමඟ වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම, නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 397ක් රැස් කළේය.

එහි දී විශිෂ්ට පිතිකරණයක නිරත වූ විරාට් කෝලි සිය 50 වැනි ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කළේ, ජගත් එක්දින පිටියේ වැඩිම ශතක ලාභියා ගේ වාර්තාව තමන සතු කර ගනිමිනි.

නායක රෝහිත් ශර්මා ලකුණු 47ක් රැස් කළ අතර, ආබාධයකට ලක් ව පිටියෙන් ඉවත් වන විට ශුබ්මන් ගිල් ලකුණු 79ක් රැස් කරගෙන් සිටි අතර, නැවත පන්දුවට පහර දීමට පැමිණි ඔහු ලකුණු 80ක් රැස් කළේය.

විරාට් කෝලි සමඟ දෙවැනි කඩුල්ල සඳහා විශිෂ්ට සබඳතාවක් ගොඩනැඟූ ශෙර්‍යාස් අයියර් පන්දු 70කින් ලකුණු 105ක් රැස් කළේය.

නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඩරිල් මිචෙල් ලකුණු 134ක් රැස් කළේය.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »