සිය වැටුප් ඉල්ලීම් සඳහා නිසි පිළිතුරක් නොලැබෙන්නේ නම් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෛද්‍ය සහයකයන් 1,000 කට වැඩි පිරිසක් වගකීම් සීමා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වනවා.
මෙම වසර තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය අතහැර වෙනත් ප්‍රාන්තවල හදිසි ප්‍රතිකාර අංශ වෙත යොමුවී ඇති වෛද්‍ය සහයකයන් සංඛ්‍යාව 600 කට ආසන්නයි.
සියයට 20 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙසත් ඒ අනුව ක්වීන්ස්ලන්ඩ් සහ වික්ටෝරියා ප්‍රාන්තවල හදිසි ප්‍රතිකාර වෘත්තිකයන් හා සමාන වැටුප් තලයකට තමන්ද පත් කරන ලෙසත් නිවු සවුත් වේල්ස් වෛද්‍ය සහයකයන් ඉල්ලා සිටිනවා.
මාස 18 ක් පුරා තමන් මෙම ඉල්ලීම සිදුකලද මේ දක්වා යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
ලබන පළමුවනදා වනවිට යහපත් පිළිතුරක් නොලැබුණහොත් ලබන වසර සඳහා ලියාපදිංචිය අලුත් නොකරන බවටද නිවු සවුත් වේල්ස් වෛද්‍ය සහයකයන් අනතුරු අවා සිටිනවා.