ඔස්ට්‍රේලියාවේ GP වරුන්ගෙන් 1/3 ක් ඉදිරි වසර 05 දී විශ්‍රාම යාමේ සූදානමක්

ඔස්ට්‍රේලියාවේ GP වරුන් ඝනයට ගැනෙන වෛද්‍යවරුන් අතුරින් 1/3 ක් පමණ ඉදිරි වසර 05 තුළදී විශ්‍රාම ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව නවතම වාර්තාවක් අනාවරණය කර තිබෙනවා.

රාජකීය ඔස්ට්‍රේලියානු වෛද්‍ය විද්‍යාලය නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙන්නේ මෙමගින් දැඩි වෛද්‍ය හිගයක් නිර්මාණය වනු ඇති බවයි.

අධික කාර්ය බහුලත්වය – එක් වෛද්‍යවරයෙකුට ප්‍රතිකාර කිරීමට ඇති රෝගීන් සංඛ්‍යාව ඉහළයාම වැනි කරුණු රැසක් ඊට බලපා ඇති බවයි පැවසෙන්නේ.

වෛද්‍ය අධ්‍යාපනය හදාරන සිසුන් අතුරින් විශාල පිරිසක් GP වරුන් බවට පත්නොවී වෙනත් වෛද්‍ය ක්ෂේත්‍ර වෙත යොමුවීම හමුවේ මෙම හිගය ඉහළ යමින් පවතින බවද සඳහන්.

මේ වනවිට මානසික රෝග වෛද්‍යවරුන් සංඛ්‍යාව සියයට 38 ක් දක්වා පහළ වැටී ඇති බවටද අනාවරණය කරගෙන තිබෙනවා.

GP වරුන්ට වැටුප් වර්ධක – අධ්‍යයන සහ මාතෘ නිවාඩු වැනි දීමනා ලබාදීමෙන් මෙම තත්වය මගහරවා ගත හැකි බවයි රාජකීය ඔස්ට්‍රේලියානු වෛද්‍ය විද්‍යාලය යෝජනා කරන්නේ.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »