
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් පස් අවුරුදු ප්‍රදානය අත්හිටුවයි! එයට හේතුව මෙන්න.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) හි අධ්‍යක්ෂ මණ්ඩලය 2019 අපේ‍්‍රල් මාසයේ දී ශ්‍රී ලංකා රජයට ලබා දුන් පස් අවුරුදු ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ප්‍රදානය අත්හිටුවා තිබෙනවා.
MCC ගිවිසුම සම්බන්ධයෙන් එම අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණය ගැන ඇමෙරිකානු තානාපති කාර්‍යාලය නිවේදනයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ අදාළ රටේ සම්බන්ධ වීම අඩුවීම නිසා එම ආධාර ප්‍රදානය නැවැත්වූ බවයි. එහි වටිනාකම රුපියල් බිලියන 89ක් බවද එහි දැක්වේ.