Search

ඇතැම් අනවසර සංක්‍රමණිකයන් මුදා හැර ඇත්තේ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව බවට අනාවරණයක්

පසුගිය සතියේදී රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන් මුදා හැර ඇත්තේ කිසිදු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව බවට අනාවරණය වී තිබෙනවා.

ඔවුන්ගෙන් ඇතැමුන්ට නිකුත් කර ඇති ලිපිවල සඳහන් වනුයේ තාවකාලික අවසරයක් මත මුදා හරින බව මිස වලංගු වීසා අනුමැතියක් නොවන බවයි මාධ්‍ය ආයතනයක් විසින් සිදුකර ඇති ගවේෂණාත්මක හෙළිදරව්වක දැක්වෙන්නේ.

ඒ අනුව මහාධිකරණ තීන්දුව මත මෙලෙස නිදහස් කෙරුණු පිරිසට bridging වීසා බලපත් නිකුත් කල බවට විදේශ ඇමතිනී පෙනී වොංග් ඇතුලු රජයේ අමාත්‍යවරුන් සිදුකල ප්‍රකාශ අසත්‍ය බවටද චෝදනා එල්ල වනවා.

මෙලෙස නිදහස ලබා ඇති 83 දෙනා අතර ළමා අපචාර සහ විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ද වන බව රජය විසින් දැනටමත් පිළිගෙන තිබෙනවා.

ඔවුන් පිළිබඳ කිසිදු බියක් තබාගත යුතු නොමැති බවත් දේශ සීමා ආරක්ෂණ බලකාය සහ ෆෙඩරල් පොලිසිය විසින් නිරතුරුවම අවධානයෙන් පසුවන බවත් සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් පවසා තිබුණා.

කෙසේවෙතත් කිසිදු වීසා බලපත්‍රයක් හෝ වීසා කොන්දේසියක් නොමැතිව ලිපියක් පමණක් නිකුත් කර මුදාහැර තිබීම බරපතල ගැටලුවක් බවටයි පාර්ශව ගණනාවක් චෝදනා කරන්නේ.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 3.7ක් අනතුරේ

අඩු ආදායම්ලාභී ඔස්ට්‍රේලියානු පවුල් වලින් අඩක් පමණ ආහාර අනාරක්ෂිත භාවයට මුහුණ දී ඇති බව නවතම අධ්‍යනයන දී අනාවරණය වී තිබෙනවා.

Read More »