දැඩි ඉල්ලුම හේතුවෙන් මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතැම්විට විදුලිය ඇණහිටීම්

එල් නිනෝ කාළගුණය හමුවේ දැඩි ඉල්ලුම හේතුවෙන් මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතැම්විට විදුලිය ඇණහිටීම් අපේක්ෂා කෙරෙන බව AEMO හෙවත් ඔස්ට්‍රේලියානු බලශක්ති අලෙවි ක්‍රියාකරු පවසනවා.

දැඩි උණුසුම මෙන්ම ලැව්ගිනි අවධානම හමුවේ බලශක්ති ඉල්ලුම ඉහළයාම දැඩි අර්බුදයක් වනු ඇති බවයි ඔවුන් අනාවැකි පළකරන්නේ.

එබැවින් හැකිතාක් විදුලිය අරපරිමැස්මෙන් භාවිත කරන ලෙසත් වායු සමීකරණ වැනි දෑ භාවිතයෙන් හැකිතාක් ඉවත්වන ලෙසටත් දැනුම්දීමක් සිදු කෙරෙනවා.

වසර 10 කට පමණ පසු ඉහළම විදුලි ඉල්ලුම මෙවර නිර්මාණය වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

පසුගිය වසරේ ග්‍රීෂ්ම සෘතුවට වඩා මෙවර මෙගාවොට් 3,500 ක පමණ අමතර ධාරිතාවයක් ජාතික විදුලි පද්ධතියට මුදා හැරෙනු ඇති.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »