තවත් superannuation $ මිලියන 700 ක මුදල් නිරාකරණයට

පසුගිය මූල්‍ය වර්ෂයේදී superannuation මුදල් නිසි ලෙස නොලැබුණු ඔස්ට්‍රේලියානුවන් සඳහා තවත් ඩොලර් මිලියන 700 ක වටිනාකමින් යුත් මුදල් ගෙවා තිබෙනවා.

2022-23 වසර සඳහා ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් සිදුකල විමර්ශනවලදි හඳුනාගත් සේවා යෝජකයන්ගෙනුයි මෙම මුදල් අයකරගෙන ඇත්තේ.

මේ අනුව ගතවූ මූල්‍ය වර්ෂය සඳහා බදු කාර්යාලයේ මැදිහත්වීමෙන් නිරාකරණය කර ඇති සමස්ත මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 1.13 දක්වා ඉහළ යනු ඇති.

මෙම කාලසීමාවට අදාළව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් සිදුකර ඇති විගණන සංඛ්‍යාව 14,000 තට අධිකයි.

නිරාකරණය කරන ලද මුදලෙන් ඩොලර් මිලියන 157 ක්ම දඩ ලෙස අයකර ගත් ඒවා බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »