
සිය අලෙවිසැල් සඳහා දැවැන්ත වෛනසක් සිදුකිරීමට Coles සුපිරි වෙළඳසැල් ජාලය කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව Quiet Hour හෙවත් වෙළඳසැල් අභ්‍යන්තරයේ ශබ්ද අඩු කර තැබීමේ කාලය දීර්ඝ කිරීමට නියමිතයි.
සඳුදා සිට සිකුරාදා දක්වා පස්වරු 06 සිට රාත්‍රී 07 දක්වා මෙය අනුගමනය කෙරෙන අතර එම අවස්ථාවලදී – මුදල් යන්ත්‍ර සහ ස්කෑනර් යන්ත්‍රවල ශබ්දය අඩු කර තැබෙනු ඇති.

එමෙන්ම මෙම කාලය තුළදී Coles අලෙවිසැල් තුළ නිවේදන පවා අත්‍යවශ්‍යම කරුණකට පමණක් භාවිත කිරීමටයි නියමිතව ඇත්තේ.
මෙම ක්‍රමය ඔස්ටේ්‍රලියාව තුළ පළමුවරට අනුගමනය කරනු ලැබුවේ Coles විසින් 2017 වසරේදී වන අතර දැනට තෝරාගත් වෙළඳසැල් කිහිපයක පමණක් පෙරවරු 10.30 සිට 11.30 දක්වා පමණක් ක්‍රියාත්මක වනවා.

පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සැළසීමේ අරමුණ ඇතිවයි Coles මෙම පියවර ගෙන ඇත්තේ.