Search

08 වන කොවිඩ් රැල්ල ක්වීන්ස්ලන්ඩ් වෙත – Face mask පළඳින්නැයි දැනුම්දීමක්

ගෘහස්ථ අවස්ථාවලදී නැවතත් මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය අංශ සුදානම් වනවා.

පසුගිය මාසයේ සිට මේ දක්වා කොවිඩ් ආසාධනය වී රෝහල්ගත වූවන් සංඛ්‍යාව 03 ගුණයකින් ඉහළ ගොස් තිබීමයි ඊට හේතුව වන්නේ.

මේ අනුව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ 08 වන කොවිඩ් රැල්ල මෙය ලෙසයි සැළකෙන්නේ.

වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ පොදු ඒකරාශිවීම් – රෝහල් සහ ගුවන් යානා තුළදී අනිවාර්යයෙන්ම මුව ආවරණ පළඳින ලෙසයි.

එමෙන්ම පසුගිය මාස 06 තුළදී බූස්ටර් මාත්‍රාව ගෙන නොමැති මිලියන 3.4 ක් වන ක්වීන්ස්ලන්ඩ් වැඩිහිටි ප්‍රජාවට වහා ඒ සඳහා පියවර ගන්නැයිද දැනුම්දීමක් සිදු කෙරෙනවා.

ගතවූ සති 04 තුළදී රෝහල්ගත කර ඇති කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 221 ක් වන අතර ඉන් බහුතරය වයස අවුරුදු 65 ට වැඩි අය බවටයි හඳුනාගෙන ඇත්තේ.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »