මෙල්බන් ප්‍රදේශ 02 ක උපරිම වේගය 30 ට අඩු කෙරේ

මෙල්බන් නගරයේ ෆිට්ස්රෝයි සහ කොලින්ග්වුඩ් යන ප්‍රදේශවල සෑම වීථියකම උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 30 දක්වා අඩු කෙරෙන යෝජනාවක් යාරා නගර කවුන්සිලය විසින් සම්මත කරගෙන තිබෙනවා.

වසර 02 ක් පුරා සිදුකෙරෙන අත්හදා බැලීම් නියමු ව්‍යාපෘතියකින් අනතුරුව සෙසු බල ප්‍රදේශ සඳහාද එය ව්‍යාප්ත කිරීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ.

2018 වසරේ සිට මෙම ප්‍රදේශ 02 හි මාර්ග කිහිපයක පමණක් වේග සීමා අඩු කෙරුණද සමස්ත ප්‍රදේශයටම බලාත්මක කෙරෙන පළමු අවස්ථාව මෙයයි.

මේ හරහා රිය අනතුරු සංඛ්‍යාව අවම කරගැනීමට හැකිවනු ඇති බවටයි ඔවුන් විශ්වාසය පළකර සිටින්නේ.

පැයට කිලෝමීටර් 40 හෝ 60 යන උපරිම වේගයට වඩා පැයට කිලෝමීටර් 30 වේගය භාවිත කිරීමේදී රිය අනතුරු සංඛ්‍යාව සියයට 10 කින් පමණ අඩු කරගත හැකි බව මේ දක්වා සිදුකල අධ්‍යයනවලදී අනාවරණය කරගෙන තිබෙනවා.

එහෙත් ඇතැම් රියදුරන් චෝදනා කර ඇත්තේ මෙලෙස වේග සීමා අඩු කිරීම හමුවේ මාර්ගවල ගත කිරීමට සිදුවන කාලය ඉහළයාමෙන් සිය දෛනික කටයුතුවලට බාධා එල්ල වන බවයි.

කෙසේවෙතත් වසර 15 කට පසු වික්ටෝරියා හි මාරක රිය අනතුරු සංඛ්‍යාව ඉහළම අගය පසුගිය වසරේදී සටහන් වූ අතර එහිදී පුද්ගලයන් 241 දෙනෙකු මරණයට පත්ව තිබුණා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »