Search

වහාම ජාතික කැබිනට් රැස්වීමක් කැඳවන්නැයි විපක්ෂ නායක, අගමැතිගෙන් ඉල්ලයි

වහාම ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා ඊශ්‍රායල – පලස්තීන අර්බුදය පිළිබඳ සාකච්ඡා කරන්නැයි විපක්ෂ නායක පීටර් ඩට්න්, අගමැති ඇන්තනී ඇල්බනීස්ගෙන් ඉල්ලා සිටිනවා.

ලේබර් පක්ෂ රජය තුළ මෙන්ම ප්‍රාන්ත ප්‍රධානීන් අතරද මේ පිළිබඳ පරස්පර මතවාදයන් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔස්ටේ්‍රලියාවේ වාසය කරන යුදෙව් සම්භවයක් සහිත පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විධිමත් පියවරක් ගන්නැයිද විපක්ෂ නායකවරයා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ලොව ප්‍රධාන රටවල් සියල්ලම පාහේ මෙම අර්බුදය සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක පසුවුවද ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජයේ මතය පැහැදිලි නොමැති බවයි පීටර් ඩට්න් අවධාරණය කරන්නේ.

ඊශ්‍රායලය විසින් පලස්තීනයට දැවැන්තම ප්‍රහාරයක් එල්ල කරන බවට අනතුරු අගවා පැය කිහිපයක් තුළ මෙම ඉල්ලීම සිදුකිරීමද විශේෂත්වයක්.