ඔස්ට්‍රේලියා වැටුප් වර්ධනය වසර 26 කට පසු ඉහළම අගයට

වසර 26 ක ඔස්ට්‍රේලියානු වැටුප් මිළ දර්ශක ඉතිහාසයේ කාර්තුවක සටහන් වූ ඉහළම වැටුප් වර්ධනය මෙවර සැප්තැම්බර් කාර්තුවේදී සටහන් වී තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල නවතම දත්තවල දැක්වෙන්නේ ජූලි සිට සැප්තැම්බර් අවසානය දක්වා වන කාර්තුවේ වැටුප් වර්ධන වේගය සියයට 1.3 ක් ලෙස පැවතී ඇති බවයි.

වාර්ෂික වැටුප් වර්ධන වේගයද සියයට 04 කට ආසන්න වෙමින් පවතින අතර එය ද 2009 මාර්තු මාසයෙන් පසු මාස 12 කදී වාර්තාවූ ඉහළම වේගයයි.

කොමිසම විසින් අංශ කිහිපයක වැටුප් වැඩිකිරීම් සඳහා ලබාදුන් නියෝග මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාවේ උද්ධමනය වන සියයට 5.4 හා සමගාමීව වැටුප් වර්ධන වේගය තවමත් පවතින්නේ පහළ අගයකයි.

පුද්ගලික අංශයේ වාර්ෂික වැටුප් වර්ධන වේගය සියයට 4.2 ක් ලෙසද රාජ්‍ය අංශයේ වාර්ෂික වැටුප් වර්ධන වේගය සියයට 3.5 ක් ලෙසද අවසාන මාස 12 දී වාර්තා වී තිබෙනවා.

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »