Search

නත්තල ඉලක්ක කර Australia Post බෙදා හැරීම් සෙනසුරාදා සහ ඉරිදාත්

නත්තල් සමය ඉලක්ක කරගනිමින් සෙනසුරාදා සහ ඉරිදා දිනවලදීත් බෙදා හැරීම් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

නියමිත දිනවලටම බෙදා හැරීම් අවසන් කිරීමත් නත්තල ආසන්නයේදී ලිපි හා පාර්සල් ගොඩගැසීම වළක්වා ගැනීමත් එහි අරමුණ බව සඳහන්.

සියලුම ප්‍රධාන නගරවල මෙන්ම නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකද මෙම සේවාව ක්‍රියාත්මක වනු ඇති.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී Australia Post විසින් බෙදා හැර තිබූ ලිපි සහ පාර්සල් සංඛ්‍යාව මිලියන 52 ක් බවටයි තක්සේරු කර ඇත්තේ.

මෙවරද ඔන්ලයින් ක්‍රමයට ඇණවුම් කරන ලද පාර්සල් බෙදා හැරීම්වල ඉහළ යාමක් Australia Post විසින් අපේක්ෂා කරන බවයි පැවසෙන්නේ.

නත්තලට පෙර ලිපි හා පාර්සල් බෙදා හැරීම සඳහා භාරදිය යුතු අවසාන දින වකවානු පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව බොහෝ නගරවල අවසාන දිනය වන්නේ දෙසැම්බර් 18 වනදායි.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »