482 – 186 වීසාලාභීන්ට PR ගැනීම පහසුවන ප්‍රධාන වෙනස්කම් 02 ක් ලබන 25 දා සිට

තාවකාලික වීසා අනුග්‍රාහකත්වය මත සිටින තාවකාලික වීසා බලපත්‍ර ලාභීන්ට බලපාන ප්‍රධාන වෙනස්කම් 02 ක් ලබන 25 වෙනිදා සිට සිදු කිරීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා සරල සහ පැහැදිලි මාර්ගයක් සැපයීමයි එහි අරමුණ වන්නේ.

ඒ අනුව Temporary Skill Shortage (TSS) හෙවත් 482 වීසා කාණ්ඩයේ සහ හෙවත් employer-nomination 186 වීසා කාණ්ඩවල මෙම වෙනස්කම් සිදුවනු ඇති.

නොවැම්බර් 25 සිට තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට ඔස්ට්‍රේලියාව තුළ අයදුම් කළ හැකි 482 වීසා කාණ්ඩයේ ඉල්ලූම්පත්‍ර සංඛ්‍යාවේ සීමාව ඉවත් කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

මෙම වෙනස නොවැම්බර් 25 දින හෝ ඊට පසුව අයදුම් කරන නව වීසා අයදුම්පත් සඳහා පමණක් බල පැවැත්වෙනවා.

186 වීසා කාණ්ඩයට සිදුකර ඇති ප්‍රධානතම වෙනස්කම වන්නේ සේවා යෝජකයෙකු විසින් තාවකාලික වීසා බලපත්‍රලාභියෙකු ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචිය සඳහා නම් කිරීමට සුදුසුකම් ලැබීමට ඔහු හෝ ඇය විසින් අදාළ රැකියාවේ හෝ තනතුරේ වැඩ කළ යුතු කාලය වසර තුනේ සිට දෙක දක්වා අඩු කිරීමයි.

SOURCE – SBS

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »