උත්සව සමයේ Alice Springs ආරක්ෂාව තර කිරීමට අමතර පොලිස් නිලධාරීන්

එළඹෙන උත්සව සමයට සමගාමීව Alice Springs ආරක්ෂාව තර කිරීම සඳහා අමතර පොලිස් නිලධාරීන් සේවයේ යෙදවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා

අපරාධ මැඩලීමට සහ සමාජ විරෝධී හැසිරීම් අවම කිරීමේ ක්‍රියාන්විතයේ එක අධියරක් ලෙස මෙය සැලකෙනවා.

Northern Territory ප්‍රධාන අමාත්‍ය නටාෂා ෆයිල්ස් සදහන් කළේ Alice Springs නගරය සැළකියයුතු ඉහළ මට්ටමේ අපරාධ රැල්ලකට මුහුණපා ඇති බවයි.

අපරාධ, මත්පැන් සහා මත්ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රජා නොසන්සුන්තා මෙන්ම ප්‍රචණ්ඩක්‍රියා රැසක් පසුගිය කාලසීමාව තුල ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා.

පොලිස් ඇමති බ්‍රෙන්ට් පොටර් සඳහන් කළේ උත්සව සමය තුළ ප්‍රජා ආරක්ෂාවට තර්ජයක් වන කිසිදු සමාජ වීරෝධී හැසිරීමක් සදහා Alice Springs ප්‍රදේශය තුල ඉඩ නොදීමට කටයුතු කරන බවයි.

මේ අතර Alice Springs හි ආරක්ෂාව සදහා අමතර පොලිස් නිලධාරීන් යෙදවීම විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් විවේඡනය කර ඇති අතර ඔවුන් පවසන්නේ ප්‍රදේශයේ අපරාධ මැඩපැවැත්වීම සඳහා මෙම පියවර ප්‍රමාණවත් නොවන බවයි.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »