Search

“ජීවන වියදම සහ නිවාස අර්බුදය විසඳීමට ලේබර් පක්ෂය සහ අගමැති ඇල්බනීස් අසමත්”

ඉහළ යන ජීවන වියදම පාලනයට සහ නිවාස අර්බුදය විසඳීමට පාලක ලේබර් පක්ෂය සහ අගමැති ඇන්තනී ඇල්බනීස් අසමත් බවට ඔස්ටේ්‍රලියානුවන් බහුතරයක් සමීක්ෂණකදී අදහස් දක්වා තිබෙනවා.

දිනෙන් දින ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළ ගණන් ඉහළයාමත් ඉන්ධන මිළ ගණන්වල සිදුවන වැඩිවීමත් නතර වන දිනයක් පෙනෙන්නට නොමැති බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

ජීවන වියදම පාලනයට ලේබර් පක්ෂ රජය විසින් ඩොලර් බිලියන 23 ක සහන පැකේජයක් හඳුන්වාදුන්නද එය සාර්ථක වී නොමැති බව සමීක්ෂණයේදී වැඩි පිරිසක් පවසා තිබෙනවා.

නිවාස අර්බුදය වහා විසඳීමට රජය පියවරක් නොගතහොත් තවත් වසර කිහිපයකින් එය උග්‍ර ගැටලුවක් බවට පත්වීම වැළැක්විය නොහැකි බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.

බලයට පැමිණිමෙන් පසු අගමැති ඇල්බනීස්ගේ ජනප්‍රියත්වය පහළම අගයට ඇද වැටී ඇති බවට වාර්තාවක් නිකුත්වී දින කිහිපයකින් මෙම සමීක්ෂණ ප්‍රතිඵළ නිකුත්වීමද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »