Search

දකුණු ඔස්ට්‍රේලියා සිසුන්ට පණවා ඇති සාගර ජල ක්‍රීඩා තහනම හකුළා ගනී ?

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පාසල් සිසුන් සඳහා පණවා ඇති සාගර ජල ක්‍රීඩා තහනම හකුළා ගැනීමට ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුවට සිදුවනු ඇති බවට අනාවැකි පළවනවා.

පසුගිය සිකුරාදා දිනයේදී ජල ක්‍රීඩාවල නිරත වූ සිසුවියක මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වීමත් සමගයි මෙම තහනම පණවනු ලැබුවේ.

එය මෙම වසර අවසානය වනතෙක් බලාත්මක කෙරෙන බවයි එහිදී සඳහන් කෙරුණේ.

කෙසේවෙතත් එම නියෝගය පණවා ඇත්තේ දකුණූ ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අධ්‍යාපන ඇමතිවරයාගේ අනුමැතිය ලබාගැනීමෙන් තොරව බවටයි අනාවරණය වන්නේ.

එමෙන්ම ප්‍රාන්ත ජල ක්‍රීඩා ජීවිතාරක්ෂක සංගමය විසින්ද එම නියමයට දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා.

එබැවින් අදාළ නියෝගය නැවත සමාලෝචනය කරන බවටයි දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත්තේ.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගට අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »