සෑම විනාඩි 06 කටම වරක් ඔස්ට්‍රේලියාවේ කුමන හෝ ආයතනයකට සයිබර් ප්‍රහාරයක්

සෑම විනාඩි 06 කටම වරක් ඔස්ට්‍රේලියාවේ කුමන හෝ ආයතනයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වන බවට හඳුනාගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සයිබර් අධ්‍යක්ෂ කාර්යාලය නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ පසුගිය වසරට වඩා සයිබර් අපරාධ සංඛ්‍යාව සියයට 23 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

2022-23 සයිබර් අවධානම් වාර්තාවට අනුව එම මූල්‍ය වර්ෂයේදී ලැබී ඇති සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 94,000 කට ආසන්නයි.

එමෙන්ම සයිබර් ආරක්ෂණ නීති කඩවීම් සිදුවීම් 1,100 ක් පමණද මෙම කාල සීමාවේදී වාර්තා වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සයිබර් අපරාධ ක්ෂණික ඇමතුම් අංකයට ලැබී ඇති ඇමතුම් සංඛ්‍යාවද 33,000 ක් වැනි ඉහළ අගයක් ගෙන ඇති බවයි පැවසෙන්නේ.ඳා

එයද පෙර වසරට වඩා සියයට 32 ක පමණ ඉහළයාමක් වනවා.

සයිබර් ප්‍රහාර හමුවේ ඔස්ට්‍රේලියානු ව්‍යාපාරවලට සිදුවූ හානියද 2022-23 වසරේදී පෙර වසරට වඩා සියයට 14 ක පමණ ඉහළයාමක් පෙන්නුම් කරන බවයි මෙම වාර්තාවේ සඳහන් වන්නේ.

එහි වැඩිම බලපෑම මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට එල්ල වී ඇත්තේ එක් ව්‍යාපාරයකට ඩොලර් 97,200 ක පමණ පාඩුවක් වාර්තා කරමිනුයි.

මහා පරිමාණ ව්‍යාපාරයකට ඩොලර් 71,600 ක හානියක් සහ සුලු පරිමාණ ව්‍යාපාරයකට ඩොලර් 46,000 ක පාඩුවක් ද මෙහිදී සිදුව ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »