
ඉදිරියේ සිදුකිරීමට නියමිත මහා මාර්ග ව්‍යාපෘති සඳහා වැයවන වියදම්වලදී ෆෙඩරල් රජය විසින් දායකත්වය සපයනු ලබන්නේ සියයට 50 ක් පමණක් බවට ප්‍රවාහන අමාත්‍ය කැතරින් කිංග් විසින් නිවේදනය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු මූල්‍ය සමාලෝචන යටිතල පහසුකම් සමුළුව අමතමින් ඇය ඒ බව ප්‍රකාශ කළා.
මෙතෙක් සෑම මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් සදහා වු සම්පූර්ණ වියදමින් සියයට 80 ක් ෆෙඩරල් රජය විසින් දරනු ලැබු අතර ඉතිරි සියයට 20 අදාළ ප්‍රාන්ත රාජ්‍යයන් විසින් දරණු ලැබුවා.

කෙසේවෙතත් ඉදිරියේ සිදු වන සෑම මහා මාර්ග ව්‍යාපෘතියක් සඳහා වන වියදම ප්‍රාන්ත රජය හා ෆෙඩරල් රජය අතර සමපාත කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.
කලාපීය සහ ග්‍රාමීය මාර්ග සඳහා වැඩි ආයෝජනයක් ලබා දීමට ෆෙඩරල් රජය සූදානම් බවත් එම පිරිවැය සමව බෙදා ගැනීමට ප්‍රාන්ත බලධාරීන් එකග විය යුතු බවයි ප්‍රවාහන ඇමති කැතරින් කිං අවධාරණය කර ඇත්තේ.
