කුමන්ත්‍රණය ගැන ප්‍රමෝද්‍යගේ සුවිශේෂී අනාවරණය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

1996 මෙරටට ක්‍රිකට් ලෝක කුසලානයේ ජයග්‍රාහණය හිමිකර දුන් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදජනක තත්ත්වය පිළිබඳව තමන් ඉතා කම්පාවට පත්වන බවයි ඔහු එම නිවේදනයෙන් සඳහන් කොට සිටින්නේ.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ශ්‍රී ලංකාවට එම කවුන්සිලය තුළ පැවති සාමාජිකත්වය තහනම් කිරීම මෙරට ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් බලවත් තර්ජනයක් බවද ඔහු සඳහන් කොට සිටියා.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් වන බවත් පසුගිය වසර දෙක හමාරක කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමේ දී තමන් ලද අත්දැකීම් හා නිරීක්ෂණ ඇසුරෙන් එය විශ්වාස කරන බවද එම නිවේදනය තුළ ඔහු වැඩිදුරටත් සඳහන් කොට සිටියා.

මෙම කුමන්ත්‍රණ නොයෙකුත් අරමුණින් ක්‍රියාත්මක වූ ඒවා බවත් එම කුමන්ත්‍රණ පසුපස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය සඳහා වන බල පොරයන්ට සබැඳි පුද්ගලයන්ද, තරග පාවාදීමේ සූදුවේ නිරත තැරැව්කරුවන්ද, හුදු ආත්මාර්ථය මත පදනම්ව ජාතික කණ්ඩායම තුළ තම ස්ථානය තහවුරු කරගැනීමට
වෙර දරණ පුද්ගලයින්ද සිටින බවත් ඔහු සිය ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මෙලෙස නිකුත් කළ එම ආන්දෝලනාත්මක ලිපිය පහතින්,

DP World සයිබර් ප්‍රහාරයේදී සේවක පුද්ගලික දත්ත සොරා ගනී

ඔස්ට්‍රේලියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන DP World ආයතනයට එල්ල වු සයිබර් ප්‍රහාරයේදී එහි වත්මන් සහ හිටපු සේවක සේවිකාවන්ගේ පුද්ගලික දත්ත සොරා ගැනීමකට ලක්ව ඇති බවට අනාවරණය වි තිබෙනවා.

Read More »

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »