NSW ප්‍රවාහන ප්‍රමාදයන් දැනුම් දීමට නවතම කෙටි පණිවුඩ සේවාවක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දුම්රිය හා බස් සේවා ප්‍රමාදයන් හා ගැටලූ පිළිබද ක්ෂණිකව දැනුම් දීම සදහා නවතම කෙටි පණිවුඩ සේවාවක් ආරම්භ කර තිබෙනවා.

මේ හරහා මගී ජනතාවට නියමිත තොරතුරු ලබා ගැනීමට හැකිවන අතර ප්‍රවාහන ප්‍රමාදයන් හා අවලංගුවීම් හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා මගහරවා ගත හැකිවීම විශේෂත්වයක්.

ඇතැම් දුම්රිය හෝ බස් වර්ජන අවස්ථා වලදී අදාළ සේවා නිසි පරිදි ධාවනය වන වේලාවන් දැනගැනීමට ක්ෂණික පහසුකමක් මෙතෙක් නිවු සවුත් වේල්ස් මගීන් වෙත හිමිව තිබුනේ නැහැ.

ඒ අනුව මගීන් හට දුෂ්කරතා අවමවන කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් අත්කර දීම මෙම ව්‍යාපෘතියෙහි අරමුණ වී තිබෙනවා.

මේ අතර සිඩ්නි නුවර ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන 21 ක ස්මාර්ට් තිර 45 ක් ප්‍රදර්ශණය කර ඇති අතර එමගින් ද යාවත්කාලීන කරන ලද සහ නියමිත දුම්රිය ප්‍රවාහන වේලාවන් දැනගැනීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

මෙතෙක් හදිසි තත්ව, කාළගුණික අතුරු ඇගවීම් හා පොලීස් නිවේදන පමණක් කෙටි පණිවුඩ ඔස්සේ ජනතාව වෙත ලැබුණු අතර ඉදිරියේ දී ප්‍රවාහන සේවා පිළිබඳ එවැනි තොරතුරු ද කාර්යක්ෂම ආකාරයෙන් භාවිත කිරීමට ජනතාවට ලැබෙනු ඇති.

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුම ගැන තොරතුරු හෙළිවෙයි

සිඩ්නි හි නිරිතදිග ප්‍රදේශයේ දේවස්ථානයකදී බිෂොප්වරයෙකු ඇතුලු 4 දෙනෙකුට තුවාල සිදු වූ පිහි ඇනුම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »