මෙල්බන් හි ලොකුම ලාංකික සංස්කෘතික ඉසව්ව මෙවරත්

මෙල්බන් ඇතුලු සමස්ත ඕස්ට්‍රේලියාව පුරා වාසය කරන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සංවිධාන කෙරෙන ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතිය සහ උරුමය පිළිබඳ විචිත්‍රවත් සැමරුම වන Lankan Fest, 06 වන වරටත් මෙවරත් සංවිධාන කර තිබෙනවා.

නොවැම්බර් 25 වැනි සෙනසුරාදා, මෙල්බර්න් හි හදවත බඳු ෆෙඩරේෂන් චතුරශ්‍රයේදී දිනය පුරා මෙම සංස්කෘතික සංදර්ශනය පැවැත්වීමට නියමිතයි.

සම්ප්‍රදායික නර්තන ප්‍රසංග, සංගීතය, සූපශාස්ත්‍ර, කලා සහ අත්කම්වලින් පිරුණු දිනයක් එහිදී අත්විඳීමට ලාංකික ඔබවට අවස්ථාව උදාවනවා.

මෙම අවස්ථාව ඔබේ කුසලතා සහ නිර්මාණ පුළුල් සහ අගය කරන ප්‍රේක්ෂක පිරිසකට ප්‍රදර්ශනය කිරීමට ඇදහිය නොහැකි අවස්ථාවක් ලබාදීම විශේෂත්වයක්.

මෙම උත්සවය ශ්‍රී ලාංකේය සංස්කෘතිය, කලාව සහ ආහාර, සංස්කෘතික විවිධත්වය නියෝජනය කරනු මහගු සැමරුමක් ලෙසයි සැළකෙන්නේ.

30,000 කට අධික පිරිසක් මෙවර Lankan Fest 2023 සඳහා සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම උත්සවය ශ්‍රී ලංකාවේ ඉතිහාසය, සම්ප්‍රදායන් සහ සමකාලීන බලපෑම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ප්‍රවර්ධනය කරමින් සංස්කෘතික හුවමාරුව සඳහා අද්විතීය වේදිකාවක් වනු නොඅනුමානයි.

Lankan Fest 2023 සඳහා මාධ්‍ය අනුග්‍රහය සපයනු ලබන්නේ AusLanka TV සහ AusLanka Radio වෙතිනි.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »