Search

Bunnings වෙළඳසැල් ජාලය Engineered stone අලෙවිය අත්හිටුවයි

මෙම වසර අවසානයේ සිට Engineered stone අලෙවිය අත්හිටුවීමට Bunnings සුපිරි වෙළඳසැල් ජාලය තීරණය කර තිබෙනවා.

පිළිකා සහ පෙණහලු අවධානම සැළකිල්ලට ගෙනයි ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ.

නිවාස අලංකරණයේදී යොදා ගන්නා Engineered stone කැපීමේදී පිටවන දූවිලි අංශු හේතුවෙන් ඉදි කිරීම් සේවකයන් ඇතුලු විශාල පිරිසක් සෞඛ්‍ය අවධානමකට ලක්වන බව සඳහන්.

ඒ අනුව සමස්ත රට පුරා Engineered stone තහණමක් පැණවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වි ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ප්‍රාන්ත සහ ෆෙඩරල් ඇමතිවරුන් ලබන මාසයේදී හමුවීමටද නියමිතයි.

ඊට පෙර වෙළඳසැල් ජාලය විසින් මෙම තීරණය ගැනීම විශේෂත්වයක්.

Engineered stone භාවිතය නතර කිරීමට ජාතික මට්ටමේ තහනමක් ගෙන එන්නේ නම් ඊට පූර්ණ සහය පළකරන බවට ACT ප්‍රාන්ත රජය දැනුම් දී තිබෙනවා.

කිසියම් අයුරකින් ෆෙඩරල් රජය එවැනි තීන්දුවක් නොගන්නේ නම් ප්‍රාන්ත රජය මට්ටමින් හෝ එවැනි නියෝගයක් පැණවීමට පියවර ගන්නා බවටයි ඔවුන් දන්වා සිටින්නේ.

දකුණු ඔස්ට්‍රේලියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත විසින්ද මේ හා සමාන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

Engineered stone තහණම් කිරීම සම්බන්ධ රෙගුලාසි සකස් කිරීමේ වගකීම Safe Work Australia වෙත පවරා තිබෙනවා.

Engineered stone සිළිකා කුඩු හේතුවෙන් වසරකදී ඔස්ට්‍රේලියානු සේවකයන් 100,000 ක් පමණ වකුගඩු – පෙණහලු ආශ්‍රිත රෝගවලට ගොදුරුවනවා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »