
වයස අවුරුදු 15 ත් 30 ත් අතර වියෙහි පසුවන්නන් අනෙක් සෑම වයස් කාණ්ඩයකටම සාපේක්ෂව දැඩි මූල්‍ය ආතතියකින් පසුවන බව නවතම සමීක්ෂණයකින් හඳුනාගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිෂන් සභාව සිදු කල අධ්‍යයනයක දී හදුනාගෙන ඇත්තේ එම වයස් කාණ්ඩයේ පසුවන්නන්ගෙන් සියයට 68 ක් පමණ මූල්‍ය ආතතියෙන් පෙළෙන බවයි.
එම වයස් කාණ්ඩයෙන් බැහැර පිරිසගේ මූල්‍යමය ආතතිය සියයට 57 ක අගයක් ගන්නා අතර වයස අවුරුදු 18 ත් 26 ත් අතර වියෙහි පසුවන්නන්ගේ මූල්‍ය ආතතිය සියයට 82 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විශේෂයෙන් වයස අවුරුදු 15 ත් 30 ත් අතර පසුවන්නන්ගේ පුද්ගලික ණය මට්ටම ඉහල අගයක් ගන්නා අතර සාමාන්‍ය දළ ණය මට්ටම ඩොලර් 8,188 ක් ලෙසයි වාර්තා වන්නේ.
එම වයස් කාණ්ඩයේ සෑම පුද්ගලයන් 05 දෙනෙකුගෙන් එක් අයෙක් අවම ඩොලර් 10,000 ක ණයක් ගෙන ඇති අතර ඩොලර් 50,000 කට වැඩි ණය මුදලක් හිමි ප්‍රමාණය සියයට 04 ක් බවද හඳුනාගෙන තිබෙනවා.

සියයට 08 ක් කිසිදු ඉතිරි කිරීමක් නොමැති අතර ඩොලර් 1,000 කට අඩු ඉතිරියක් සහිත ප්‍රමාණය සියයට 25 ක් ලෙසයි වාර්තා වන්නේ.
මූල්‍ය කළමණාකරණය හා ධනාත්මක මූදල් පරිහරණය සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව දැනුවත් කිරීම සදහා Money smart ලෙස නම් කර ඇති වැඩසටහනක් අද සිට ලබන දෙසැම්බර් මස මැද දක්වා ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
මෙය නොමිලේ ලබා දෙන සේවාවක් වන අතර www.moneysmart.gov.au වෙබ් අඩවියට පිවිසිමෙන් ලියාපදිංචි වීමේ අවස්ථාව පවතිනවා.