ඔස්ට්‍රේලියාවේ නිවාස කුළී මිළ ගණන් ගැන අලුත්ම වාර්තාව එළියට

ඔස්ට්‍රේලියාවේ දැරිය හැකි මිල ගණන් යටතේ පැවති කුළී නිවාසවල පවා මිළ ගනන් දැරිය නොහැකි මට්ටමට පැමිණ ඇති බව වාර්ෂික කුලී සහනදායීතා දර්ශකය මගින් අනාවරණය වී තිබෙනවා.

මේ හේතුවෙන් අඩු ආදායම්ලාභී ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර එම තත්වය කොවිඩ් වසංගත කාලයට සාපේක්ෂව ඉතා අයහපත් බවයි වාර්තා වන්නේ.

පසුගිය වසර පුරා පුද්ගල ආදායමට සාපේක්ෂව කුළී නිවාස මිළ ගණන් ඉහල යෑම දැඩි අර්බුදයක් වී ඇති අතර පවුල් රැසක් දැඩි ආතතියෙන් පසුවන බව ද හදුනාගෙන තිබෙනවා.

පොලී අනුපාතිකය ඉහළ යෑමත් සමග නිවාස කුළී වියදම තවදුරයත් ඉහළ ගොස් ඇති අතර ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තය කුලී නිවාස සඳහා වැඩිම පිරිවැයක් දැරිමට සිදුවන ප්‍රදේශය බවයි වාර්තා වන්නේ.

යම්තාක් හෝ දැරිය හැකි මිළ ගණන් යටතේ කුළී නිවාස ඇති ප්‍රදේශ ලෙස මෙල්බන් සහ කැන්බරා නම් කර තිබෙනවා.

මේ අතර සිඩ්නි හි දැරිය හැකි මිළ ගණන් යටතේ වන කුළී නිවාස සියයට 13 කින් පහත වැටි ඇති අතර මෙල්බන් සහ පර්ත් හි එම අගය සියයට 10 කින් පහත වැටී ඇති බව ද සඳහන්.

ප්‍රධාන නගර කලාප තුල එක් නිදන කාමරයක් සහිත මහල් නිවාසයක් කුලියට ගැනීම සදහා පුද්ගල ආදායමින් සියයට 75 කට වඩා වැය කල යුතු බවටයි හඳුනාගෙන ඇත්තේ.

මේ අතර තනි විශ්‍රාමික පුද්ගලයකුට ඇඩිලේඩ් සහ හෝබාර්ට් නගර හැර අනෙක් ඕනෑම ප්‍රධාන නගරයක නිවසක් කුළියට ගැනීමේ දී සිය ආදායමින් සියයට 50 ක් පමණ වැය කිරීමට සිදු වනු ඇති.

නව නිවාස ඉදි කිරීම සහ දැරිය හැකි මිළ ගණන් යටතේ කුලි නිවාස ලබා දීම පිළිබද නියාමනයක් ඇති කිරීමට ෆෙඩරල් රජය කඩිනමින් ක්‍රියා කල යුතු බව ආර්ථික විශේෂඥයින් අවධාරණය කර සිටිනවා.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »