නවතම කොවිඩ් එන්නත් 02 ක් නුදුරේදීම ඔස්ට්‍රේලියානුවන්ට

කොවිඩ් වෛරසය සඳහා අනුමත වී ඇති නවතම එන්නත් 02 ක් ඔස්ට්‍රේලියානුවන්ට ලබාගත හැකිද යන්න නුදුරේදීම දැනුම් දෙන බවට TGA හෙවත් ඖෂධ පාලනාධිකාරිය දන්වා සිටිනවා.

ෆයිසර් සහ මොඩර්නා යන සමාගම් විසිනුයි මෙම එන්නත් වර්ග 02 නිපදවා ඇත්තේ.

දැනට අමෙරිකාව තුළ මෙම එන්නත භාවිතයට ගැණුනද TGA විසින් මෙරට භාවිතය සඳහා අවසන් අනුමැතිය ලබාදී නැහැ.

දකුණු ඔස්ට්‍රේලියාවේ රෝහල් කිහිපයක් විසින් නැවතත් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ අනුව රෝගීන් – රෝගීන් බැලීමට එන අමුත්තන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයද මුහුණු ආවරණ පැළඳිය යුතු බවටයි පාලනාධිකාරිය දන්වා ඇත්තේ.

පසුගිය මාසය ආරම්භයේ සිට ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව නැවතත් ඉහළයාම මීට ප්‍රධාන හේතුවයි.

විශේෂයෙන් පසුගිය සිකුරාදායින් අවසන් වූ සතියේදී ආසාධිතයන් සංඛ්‍යාව පෙර සතියට වඩා සියයට 50 කින් පමණ ඉහළගොස් ඇති බව සඳහන්.

ඉහළ යන කොවිඩ් තත්වය හේතුවෙන් දැනටමත් දකුණු ඔස්ට්‍රේලියාවේ රෝහල් පද්ධතියට බාධා එල්ලවෙමින් පවතින බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙල්බන් රෝහල් කිහිපයක්ද පසුගිය මාසයේ ආරම්භයේ සිට මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය කරනු ලැබුවා.

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »