
නාවික සේවක වෘත්තීය සමිතිය විසින් ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන වරායන් කිහිපයක වැඩ වර්ජනයක් සැළසුම් කර තිබෙනවා.
මෙරට දෙවන විශාලතම වරාය ක්‍රියාකරු වන DP World විසින් පාලනය ගෙන යන වරායන් හි මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.
එම සමාගම සයිබර් ප්‍රහාරයකට ලක්ව මෙහෙයුම් අඩපණවී ඇති අවස්ථාවක මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සැළසුම් කර තිබීමද විශේෂත්වයක්.

ලබන සිකුරාදා එනම් නොවැම්බර් 17 වනදා පැය 24 ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක වනු ඇති.
පසුගිය සිකුරාදා එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් පසු DP World හි මෙහෙයුම් ඉතා මන්දගාමීව යළි ආරම්භ කෙරුණේ ඊයේ පස්වරුවේයි.

එය තවමත් යථා තත්වයට පත්ව නොමැති අවස්ථාවක මෙම වැඩ වර්ජනය හමුවේ තත්වය තවත් උග්‍රවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම වරාය ක්‍රියාකරු වන DP World ආයතනයේ තොරතුරු පද්ධතිය වෙත එල්ල වී ඇති සයිබර් ප්‍රහාරය හේතුවෙන් භාණ්ඩ නිදහස් කිරීමේ දී දැඩි තදබදයක් හා ප්‍රමාදයක් හටගෙන තිබෙනවා.
ඒ අනුව පසුගිය සිකුරාදා සිට කන්ටේනර් බහලූම් දස දහස් ගණනක් ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ වරාය පරිශ්‍ර තුළ සිරව ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ඉදිරියේ දී ඖෂධ, වෛද්‍ය උපකරණ, ආහාර ද්‍රව්‍ය, ගෘහ භාණ්ඩ සහ මෝටර් රථ නිදහස් කරගැනීම්වල දැඩි ප්‍රමාදයන් පැවතිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.
කොවිඩ් වසංගතයෙන් පසු මෙරට වරායන්හි ඇති වූ විශාලතම තදබදය මෙය වන අතර මේ තත්වය ඔස්ටේ්‍රලියාවේ ආර්ථිකයටද අයහපත් ලෙස බලපානු ඇති බවටයි මත පළවන්නේ.