පලස්තීනයට සහය පතා මෙල්බන් පාසල් සිසුන්ගෙන් විරෝධතාවයක්

පලස්තීනයට සහය පතා මෙල්බන් පාසල් රැසක සිසුන් විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කර තිබෙනවා.

ලබන 23 වනදා පස්වරු 01.30 ට නගරය පුරා ස්ථාන කිහිපයකදී එය ක්‍රියාවට නංවන බවයි සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙමින් පවතින ප්‍රචාඑණයක දැක්වෙන්නේ.

කෙසේවෙතත් මෙම විරෝධතාවය සම්බන්ධයෙන් පාසල් රැසක ගුරුවරුන් කණස්සල්ල පළකර තිබෙනවා.

මෙවැනි විරෝධතාවලදී ප්‍රචණ්ඩ සිදුවීම් සහ වර්ගවාදී අදහස් පළකිරීම් වාර්තා විය හැකි බවටයි ඔවුන් අනතුරු අගවා ඇත්තේ.

මේ අතර මෙම විරෝධතාවය පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුවද අවධානය යොමුකර තිබෙනවා.

නීතියට පටහැණි කිසිදු සිදුවීමක් සිදු නොවීමට වගබලාගන්නා ලෙස සිසුන් – දෙමව්පියන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි ඔවුන් නිවේදනය කලේ.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

Qantas සමාගමේ ගුවන් ගමන්වල වෙනසක්

මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවලට පියාසර කිරීම වළක්වා ගැනීම සඳහා පර්ත් සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් මාර්ගය යළි ආරම්භ කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබෙනවා.

Read More »