වික්ටෝරියා පොලිසියෙන් යහපත් රියදුරන් බිහිකරන්න Dear Driver එයි

යහපත් රියදුරන් බිහි කිරීමේ අරමුණ ඇතිව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් Dear Driver යනුවෙන් නව ප්‍රචාරණ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

මාර්ග සංඥා සඳහා අවනත නොවන රියදුරන් – වේගය ඉක්මවා ධාවනය කරන රියදුරන් සහ දුරකථන භාවිත කරමින් රිය පදවන රියදුරන් හඳුනාගැනීමයි මෙහි මූලික අරමුණ වන්නේ.

ඔවුන්ට දඩ පත්‍රිකාවට අමතරව සංවේදී කරුණු ඇතුළත් ලිපියක්ද නිකුත් කිරීමට නියමිතයි.

එමෙන්ම රිය අනතුරු හේතුවෙන් ජීවිත කාලයම ආබාධිත තත්වයට පත්වූ පුද්ගලයන් පෙනී සිටින වීඩියෝ වෙත යොමු කෙරෙන කිව් ආර් කේතයක්ද එම ලිපියට අන්තර්ගත කර තිබීම විශේෂත්වයක්.

මේ හරහා රියදුරන්ගේ ආකල්ප වෙනස් වනු ඇති බවට විශ්වාස කෙරෙන අතර මාරක රිය අනතුරු සංඛ්‍යාවද අවම වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

දිනකට වික්ටෝරියා රියදුරන්ට නිකුත් කෙරෙන දඩ පත්‍රිකා සංඛ්‍යාව 7,000 කට ආසන්නයි.

වසරේ මේ දක්වා කාලය තුළ ප්‍රාන්තයේ මාර්ගවල සිදුව ඇති මාරක රිය අනතුරු සංඛ්‍යාව 258 ක් වන අතර එය පෙර වසරට වඩා සියයට 21.7 ක ඉහළයාමක්.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »