ඔස්ට්‍රේලියාවේ සියලු සන්නිවේදන සමාගම් වෙත නව රෙගුලාසියක්

සයිබර් ආරක්ෂණ වැඩපිළිවෙල ඇතුලු සියලු වගකිවයුතු කරුණු සම්බන්ධයෙන් ෆෙඩරල් රජය දැනුවත් කල යුතු බවට ඔස්ට්‍රේලියාවේ සියලු සන්නිවේදන සමාගම් වෙත නව රෙගුලාසියක් පණවා තිබෙනවා.

සයිබර් ප්‍රහාරයක් වැනි කිසියම් අවධානම් අවස්ථාවකදී එක් එක් සමාගමට තනිව එය විසඳා ගැනීමට අසීරු යැයි පෙනී ගොස් තිබීම ඊට හේතුවයි.

ස්වදේශ කටයුතු සහ සයිබර් ආරක්ෂණ ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් සඳහන් කලේ සෙසු සමාගම් රැසකට බලාත්මක අවම සයිබර් ආරක්ෂණ ප්‍රමිතීන් සන්නිවේදන සමාගම් වෙතද අදාළ කිරීම මෙහි එක් අරමුණක් බවයි.

ඔස්ට්‍රේලියාව තුළ සෙසු අංශ හා සමානව සන්නිවේදන සමාගම් ද සයිබර් ප්‍රහාරයන්ට ගොදුරුවීමේ ඉහළ අවධානම සැළකිල්ලට ගෙනයි මෙම නව නිමයන් පණවා ඇත්තේ.

එමෙන්ම පසුගිය සතියේදී සිදුවූවාක් වැනි ඔප්ටස් සේවා බිඳවැටීම වැනි අවස්ථාවකදී පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව මගහරවාලීම මෙහි තවත් අරමුණක් වනවා.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »