
ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රියදුරු බලපත්‍ර පරීක්ෂණ ක්‍රමයට වෙනස්කම් කිහිපයක් හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව L පුවරුලාභීන් විසින් රියදුරු බලපත්‍රය ලබාගැනීමට පෙර සිදුකල යුතු අනිවාර්ය පැය සියයක රිය පැදවිම් අධීක්ෂණය සහ ප්‍රායෝගික පරීක්ෂණ ඇතුලූ සියල්ල දැඩි නිරීක්ෂණයකට ලක් කෙරෙනු ඇති.
අදාළ සමාලෝචනයේ දී උපදේශක කණ්ඩායම්, නවක බලපත්‍ර අපේක්ෂකයින් සහ ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් ද තොරතුරු ලබා ගැනීමට අපේක්ෂිතයි.

ප්‍රවාහන හා මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රායෝගික රියදුරු පරීක්ෂණය ඇතුළු රියදුරු පුහුණු බලපත් ක්‍රමයේ සියලූම ප්‍රධාන අංග ඇගයීමට ලක් කිරීමට නියමිත බවයි.
අවසන් වරට මෙවැනි සමාලෝචකවක් සිදු කර ඇත්තේ 2017 වසරේ වන අතර මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් යළිත් සමාලෝචනයක් සිදු කල යුතු බව මෙම වසරේ මුල පැවති මාර්ග ආරක්ෂාව පිළිබඳ වටමේස සාකච්ඡාවේ දී ඉස්මතුව තිබුණා.

ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට රිය පැදවීමට අදාළ අධීක්ෂණ කාලසීමාව වෙනස් වන අතර නිව් සවුත් වේල්ස් හා වික්ටෝරියා ප්‍රාන්ත වල පැය 120 ක අධීක්ෂණ කාලයකට නවක බලපත්‍රලාභීන් යටත් වන අතර දකුණු ඕස්ට්‍රේලියාවේ පැය 75 ක් සහ බටහිර ඕස්ට්‍රේලියාවේ පැය 50 ක් ලෙසයි එය පවතින්නේ.
ක්වීන්ස්ලන්ඩ් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ හදිසි අනතුරු පර්යේෂණ සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ මධ්‍යස්ථාන සඳහන් කළේ පැය 100 ක පුහුණු කාලයක් නිම කිරීමෙන් පසු නවක රියදුරන්ට හොද අත්දැකීමක් මෙන්ම පලපුරුද්දක ලැබෙන අතර අනාගත රථවාන අනතුරු අවම කිරීමට ද සහය වනු ඇති බවයි.
මෙම පැය 100 අතරට රාත්‍රී කාලයේ පැය 10 ක පුහුණු කාලයක නිරතවීමද අනිවාර්ය වනවා.