ක්විස්න්ලන්ඩ් ඔම්බුඩ්ස්මන් කාර්යාලයට ලැබෙන බලශක්ති සහ ජල බිල්පත් දෝෂ පැමිණිලි ඉහළට

ජීවන වියදම හමුවේ බලශක්ති සහ ජල බිල්පත් දෝෂ සම්බන්ධයෙන් ක්වින්ස්ලන්ඩ් ඔම්බුඩ්ස්මන් කාර්යාලයට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව 2022-23 වකවානුවේදී ක්වීන්ස්ලන්ඩ් වැසියන්ගෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 5,810 ක් වන අතර එම අගය පසුගිය මූල්‍ය වර්ෂයට සාපේක්ෂ සියයට 16 ක වැඩිවීමක් බව සදහන්.

ඔම්බුඩ්ස්මන් කාර්යාලය නිවේදනය කළේ 2023-24 මූල්‍ය වර්ෂයේදී මෙම පැමිණිලිවල තවත් වැඩිවීමක් අපේක්ෂා කරන අතර මෙම වසරේ ජූලි සහ ඔක්තෝබර් අතර කාලය තුළදී පමණක් පැමිණිලි 3,313 ක් වාර්තා වී ඇති බවයි.

බලශක්ති සහ ජල බිල්පත් සඳහා ලැබිය යුතු වට්ටම් ලැබීමකින් තොරව අදාළ බිල්පත් ගෙවීමට සිදුව ඇති බවයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන් චෝදනා නගන්නේ.

පසුගිය මූල්‍ය වර්ශයේ ඔම්බුඩ්ස්මන් කාර්යාලය වෙත ලැබුණු පැමිණිලි අතුරින් ඩොලර් ලක්ෂ 09 කට ආසන්න වටිනාකමින් යුත් පැමිණිලි නිරාකරණය කර අවසන් තිබෙනවා.

ඉදිරි ග්‍රීෂ්ම සෘතුවත් සමග ක්වින්ස්ලන්ඩ් වැසියන්ගේ විදුලි බිල්පත් සියයට 25 කින් පමණ ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.

ඊට සමගාමීව පැමිණිලි සංඛ්‍යාවේ වර්ධනයක් දැකගත හැකි වන අතර ක්වින්ස්ලන්ඩ් රජය විසින් බලශක්ති බිල්පත් සදහා ඩොලර් 550 ක වට්ටමක් ලබා දීමටද සුදානම් වනවා.

ජනතාවට සහන ගේන්න සුපිරි වෙළඳසැල්වලට නව නීතියක්

පාරිභෝගිකයන්ගෙන් මෙන්ම සැපයුම්කරුවන්ගෙන් අඛණ්ඩව එල්ලවන විවිධ චෝදනා හමුවේ මහා පරිමාණ සුපිරි වෙළඳසැල් සඳහා නව නීති ගෙන ඒමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »