DP World සයිබර් ප්‍රහාරය හේතුවෙන් භාණ්ඩ නිදහස් කිරීමේ දැඩි ප්‍රමාදයක්

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම වරාය ක්‍රියාකරු වන DP World ආයතනයේ තොරතුරු පද්ධතිය වෙත එල්ල වී ඇති සයිබර් ප්‍රහාරය හේතුවෙන් භාණ්ඩ නිදහස් කිරීමේ දී දැඩි තදබදයක් හා ප්‍රමාදයක් හටගෙන තිබෙනවා.

ඒ අනුව පසුගිය සිකුරාදා සිට කන්ටේනර් බහලූම් දස දහස් ගණනක් ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ වරාය පරිශ්‍ර තුළ සිරව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඉදිරියේ දී ඖෂධ, වෛද්‍ය උපකරණ, ආහාර ද්‍රව්‍ය, ගෘහ භාණ්ඩ සහ මෝටර් රථ නිදහස් කරගැනීම්වල දැඩි ප්‍රමාදයන් පැවතිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

කොවිඩ් වසංගතයෙන් පසු මෙරට වරායන්හි ඇති වූ විශාලතම තදබදය මෙය වන අතර මේ තත්වය ඔස්ටේ්‍රලියාවේ ආර්ථිකයටද අයහපත් ලෙස බලපානු ඇති බවටයි මත පළවන්නේ.

DP World සමාගමට යළිත් ආරක්ෂිතව මෙහෙයුම් ආරම්භ කල හැකි දිනයක් පිළිබද නිශ්චිත එකගතාවක් නැහැ.

සයිබර් ප්‍රහාරය හේතුවෙන් කන්ටේනර් බහලූම් නිදහස් කරගැනීම මෙන්ම නැව්ගත කිරීම් දින නියමයකින් තොරව ප්‍රමාද වන්නේ නම් එම තත්වය විශාල පාඩුවක් මෙන්ම වියදමක් බවයි වාර්තා වන්නේ.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »