2060 වනවිට සිඩ්නි මාර්ග ගාස්තු $ බිලියන 123 දක්වා ඉහළට

2060 වසර වන විට සිඩ්නි මෝටර් රථ රියදුරන් අවම වශයෙන් ඩොලර් බිලියන 123 ක මාර්ග ගාස්තු ගෙවීමක් සඳහා සූදානම්ව සිටිය යුතු බවට හෙළිකර තිබෙනවා.

පෞද්ගලීකරණය කරන ලද සිඩ්නි මාර්ග පද්ධතියේ ගාස්තු ඉහළ යෑමත් සමග මෝටර් රථ හිමියන් එම මාර්ග භාවිතයේ දී දැරිය යුතු පිරිවැය ද ඉහළ යනු ඇති.

ඒ අනුව මාර්ග පද්ධති කිහිපයක් පෞද්ගලීකරණයට යටත් වන අතර මින් එක් මාර්ගයක 2060 වසඑ වනවිට සිට ගාස්තු අයකිරීම් ඩොලර් බිලියන 64 ක් දක්වා ඉහළ යා හැකි බවටයි වාර්තා වන්නේ.

නිවු සවුත් වේල්ස් මහා මාර්ග අමාත්‍ය ජෝන් ග්‍රැහැම් සදහන් කළේ දැනට පවතින පෞද්ගලීකරණය කරන ලද මාර්ග කොන්ත්‍රාත්තු අවසන් වීමට පෙර ඉදිරි දශක හතර සදහා වු ගාස්තු අනාවරණය කරන බවයි.

කිසිවිටෙකත් අදාළ ගාස්තු සැගවීමකින් තොරව ජනතාවට අනාවරණය කල යුතු බවයි ජෝන් ග්‍රැහැම් සදහන් කළේ.

මේ අතර එළඹෙන ජනවාරි පළමුවනදා සිට සතිපතා ඩොලර් 60 ක උපරිම මාර්ග ගාස්තු සීමාවක් හඳුන්වා දීමට ද ප්‍රාන්ත රජය පියවර ගෙන ඇති අතර බටහිර සිඩ්නි වැසියන් මාර්ග ගාස්තු වැඩියෙන් ගෙවන බවට හඳුනාගෙන තිබෙනවා.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »