Search

දකුණු ඔස්ට්‍රේලියාවේ රෝහල් කිහිපයක් නැවතත් මුහුණු ආවරණ අනිවාර්ය කරයි

දකුණු ඔස්ට්‍රේලියාවේ රෝහල් කිහිපයක් විසින් නැවතත් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ අනුව රෝගීන් – රෝගීන් බැලීමට එන අමුත්තන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයද මුහුණු ආවරණ පැළඳිය යුතු බවටයි පාලනාධිකාරිය දන්වා ඇත්තේ.

පසුගිය මාසය ආරම්භයේ සිට ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව නැවතත් ඉහළයාම මීට ප්‍රධාන හේතුවයි.

විශේෂයෙන් පසුගිය සිකුරාදායින් අවසන් වූ සතියේදී ආසාධිතයන් සංඛ්‍යාව පෙර සතියට වඩා සියයට 50 කින් පමණ ඉහළගොස් ඇති බව සඳහන්.

ඉහළ යන කොවිඩ් තත්වය හේතුවෙන් දැනටමත් දකුණු ඔස්ට්‍රේලියාවේ රෝහල් පද්ධතියට බාධා එල්ලවෙමින් පවතින බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙල්බන් රෝහල් කිහිපයක්ද පසුගිය මාසයේ ආරම්භයේ සිට මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය කරනු ලැබුවා.

කටුනායකින් මෙල්බන් යන්න ගිය ශ්‍රී ලංකන් ගුවන් ගමනක් අවලංගු වෙයි

තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, පැය 11 ක් ප්‍රමාද කළ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් යානයක ගුවන් ගමන අවලංගු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට පළමු පදක්කම ගෙනා නිමල් වන්නිආරච්චි

15වන ලෝක කායවර්ධන සහ පිසික් තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රිදී පදක්කම දිනා දෙන්නට නිමල් වන්නිආරච්ච් ඊයේ දිනයේදී සමත් වුණා.

Read More »

දිවුරුම් දෙන්න කලින් නැවතත් ට්‍රම්ප් ඝාතන තැතක් ?

ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට පෙර (එනම් ජනවාරි 20ට පෙර) ඉරානය විසින් ඔහුව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන බවට ඇමරිකාව චෝදනා කරනවා.

Read More »