පසුගිය බදාදා දිනයේ පැය 13 කට ආසන්න කාලයක් ඔප්ටස් සන්නිවේදන සේවා බිඳවැටීමට බලපෑ නිශ්චිත හේතුව දින 05 කට පසු හඳුනාගෙන තිබෙනවා.
නිරතුරුව සිදුකෙරෙන මෘදුකාංග යාවත්කාලීන කිරීමකින් පසු සිදුකල වෙනස්කම් කිහිපයක් ඊට බලපා ඇති බවයි ඔවුන් අද නිවේදනය කලේ.
පසුගිය බදාදා අලුයම 04.05 ට පමණ සිදුවු අදාළ දෝශය හමුවේ ඔස්ටේ්‍රලියානුවන් මිලියන 10.2 කට පමණ දැඩි දුෂ්කරතා එල්ල වූ අතර ව්‍යාපාර ලක්ෂ 04 ක පමණ සේවා ඇණහිට තිබුණා.
මෙම සිදුවීමේදී අපහසුතාවයට පත් පාරිභෝගිකයන් වෙනුවෙන් වන්දි ලෙස ගිගා බයිට් 200 ක් බැගින් වන අමතර ඩේටා ලබාදෙන බවටයි ඔප්ටම් සමාගම පසුව පොරොන්දු වූයේ.
කෙසේවෙතත් එය වංචාසහගත රැවටීමක් පමණක් බවට බොහෝ පිරිසක් චෝදනා නගා තිබුණා.