කම්කරු පක්ෂය සහ අගමැති ඇල්බනීස් ගැන විශ්වාසය තවත් පහළට

ජීවන වියදම ඉහළ යෑම හමුවේ පාලක කම්කරු පක්ෂය පිළිබඳ ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්වාසය බිඳවැටී ඇති බව නවතම මත විමසුමකදී හෙළිව තිබෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සම්බන්ධ විශ්වාසය සියයට 40 දක්වා පහත වැටි ඇති අතර විපක්ෂ නායක පීටර් ඩට්න් සම්බන්ධයෙන් වූ විශ්වාසට සියයට 27 ක් ලෙස අඛණ්ඩව ආරක්ෂා වී පවතින බවයි ප්‍රමුඛ පෙලේ මාධ්‍ය ආයතන කිහිපයක් සිදුකර ඇති මත විමසුමක දැක්වෙන්නේ.

සියයට 33 කට ආසන්න පිරිසක් අවිනිශ්චිත තත්වයකයි පසුවන්නේ.

සියයට 50 කට වැඩි ඔස්ටේ්‍රලියානුවන් පිරිසක් ඉදිරි මාසය තුළ ආර්ථිකය තවත් නරක අතට හැරෙනු ඇතැයි විශ්වාසය පල කරන අතර වත්මන් කම්කරු පක්ෂය යටතේ ආර්ථිකය වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කරන ප්‍රතිශතය සියයට 08 ක් වැනි පහළ අගයක් ගෙන තිබෙනවා.

පොළී අනුපාතික ඉහළ යෑම, උකස් ණය වාරික වැනි ආර්ථික පීඩා හමුවේ ෆෙඩරල් රජයේ ක්‍රියාකලාපය පිළිබද ජනතාව දැඩි කලකිරීමට පත්ව සිටින බව මෙහිදී අනාවරණය වනවා.

අගය වසර 12 කට පසු වාර්තාගත ඉහළ අගයකට පත්ව ඇති අතර එම අගය සියයට 4.35 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

ඡන්ද දායකයින් 1,602 ක් යොදාගනිම්න් මෙම මත විමසුම සිදු කර ඇති අතර මෙහි ප්‍රතිඵල ඉදිරි මැතිවරණ සඳහා බලපානු ඇති බවයි සමීක්ෂකයින් පෙන්වා දෙන්නේ.

ඇමරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ නිල සංචාරවලින් අනතුරුව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් යළිත් පාර්ලිමේන්තුවට පැමිණ තිබුණේ ඊයේ දිනයේදීයි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »