Ballarat පොලිසියට මීටර් 400 ක් දුරින් මෙල්බන් ලාංකික පවුලකට ප්‍රහාරයක්

වසර 10 කට වැඩි කාලයක් මෙල්බන් නුවර වාසය කරන ශ්‍රී ලාංකික පවුලකට බලරට් නගරයේදී තරුණයන් පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

සිය 12 හැවිරිදි දියණියද සමග චාරිකාවක් සඳහා පිටත්ව ගිය අවස්ථාවේදීයි යකඩ දම්වැලක්ද සහිතව පැමිණි පිරිසක් ඔවුන්ට මෙම පහරදීම සිදුකර ඇත්තේ.

සැකකාර පිරිස වර්ගවාදී අදහස් පළකිරීමක්ද සිදුකල බවටයි තුසිත නුගගහකුඹුර සහ නීලන්ති මුණසිංහ යන මෙම ශ්‍රී ලාංකික යුවළ පවසා ඇත්තේ.

කිසිදු හේතුවකින් තොරව අදාළ තරුණ පිරිස තමන් වෙත කඩා වැදී පහර දුන් බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.

මේ අතර අදාළ සිදුවීම වූ ස්ථානයේ සිට බලරට් පොලිස් ස්ථානයට ඇත්තේ මීටර් 400 ක පමණ දුරක් වුවද මෙම සිදුවීම සඳහා ප්‍රතිචාර දැක්වීමට ඔවුන් නිසි පියවරක් නොගත් බවටද චෝදනා එල්ල වනවා.

අදාළ ස්ථානයේ කිසිදු සී සී ටී වි කැමරාවක් පවා ක්‍රියාත්මක නොවන බවට බලරට් පොලිසිය විසින් දන්වා සිටි බවයි තුසිත නුගගහකුඹුර අනාවරණය කරන්නේ.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් බලරට් නගරාධිපති ඩෙස් හඩ්සන් දැඩි අප්‍රසාදය පළකර තිබෙනවා.

මෙම ප්‍රදේශයේ සැළකිය යුතු කාලයක සිට මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බවද ඔහු පිළිගෙන ඇති බව සඳහන්.

මෙම සිදුවීම හමුවේ විශේෂ අවශ්‍යතා සහිත දැරියක වන සිය දියණිය දැඩි කම්පනයකට ලක්ව සිටින බවයි තුසිත නුගගහකුඹුර සඳහන් කරන්නේ.

Source : ABC

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »