රැඳවුම් භාරයේ සිටි අනවසර සංක්‍රමණිකයන් නිදහස් කිරීම ආරක්ෂාවට තර්ජනයක් බවට චෝදනා

රැඳවුම් භාරයේ සිටි අනවසර සංක්‍රමණිකයන් පිරිසක් නිදහස් කිරීම මහජන ආරක්ෂාවට තර්ජනයක් බවට ෆෙඩරල් විපක්ෂය චෝදනා කරනවා.

සංක්‍රමණ කටයුතු පිළිබඳ ඡායා ඇමති ඩෑන් ටෙහාන් අවධාරණය කරන්නේ මෙලෙස නිදහස් කරනු ලැබූවන් අතර ළමා අපයෝජකයන් මෙන්ම විවිධ අපරාධ සඳහා සම්බන්ධවූවන්ද වන බවයි.

ඔවුන් පිළිබඳ කිසිදු සොයා බැලීමකින් තොරව ඇන්තනී ඇල්බනීස් රජය විසින් රැඳවුම් භාරයේ සිටි සංක්‍රමණිකයන් 80 දෙනෙකු පසුගිය බදාදා දිනයේදී නිදහස් කර ඇති බවටයි ඔහු චෝදනා කරන්නේ.

අනවසර සංක්‍රමණිකයන් දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීම නීති විරෝධී බවට මහාධිකරණය දුන් නියෝගය අනුව යමින් මෙම නිදහස් කිරීම සිදුකල බවයි සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් අවධාරණය කරන්නේ.

ඔවුන් පිළිබඳ ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය මෙන්ම දේශ සීමා ආරක්ෂණ බලකාය නිරතුරුව විමසිල්ලෙන් පසුවන බැවින් ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවයි ඔහු කියාසිටියේ.

දිගුකාලීන රැදවුම් භාරයේ සිටින තවත් පුද්ගලයින් 340 ක් ඉදිරියේ දී අධියර වශයෙන් නිදහස් කිරීමටයි නියමිතව ඇත්තේ.

ඔස්ටේ්‍රලියානු සරණාගත මධ්‍යස්ථානය නිවේදනය කළේ සාමාන්‍යයෙන් සංක්‍රමණ රැඳවියන් දින 708 ක් රැදවුම් භාරයේ සිටින අතර මේ වන විට තවත් සංක්‍රමණිකයින් 124 දෙනෙකු වසර 05 කට වැඩි කාලයක් රැඳවුම් භාරයේ සිටින බවයි.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »