ANZ ගිය මූල්‍ය වර්ෂ ලාභය $ බිලියන 7.4 ක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු 04 න් එකක් වන ANZ බැංකුව විසින් පසුගිය මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් බිලියන 7.4 ක ලාභයක් වාර්තා කර තිබෙනවා.

එය පෙර වසරට වඩා සියයට 14 ක ඉහළයාමක් බවයි ඔවුන් අද නිකුත් කල වාර්තාවක දැක්වෙන්නේ.

කෙසේවෙතත් මෙවර වාර්ෂික ලාභය ආර්ථික විද්‍යාඥයන් විසින් පුරෝකථනය කර තිබූ ඩොලර් බිලියන 7.6 ක ලාභයට වඩා අඩු අගයකයි පවතින්නේ.

ගතවූ වසර තුළදී ANZ බැංකුවට ලැබිය යුතුවු ණය මුදල් ඩොලර් මිලියන 245 ක් නිසි කාලයේදී ලැබී නොමැති බවද එහි සඳහන්.

පසුගිය මූල්‍ය වර්ෂයේදී ANZ බැංකුව හරහා සිදුවූ සමස්ත ගණුදෙනුවල වටිනාකම ඩොලර් ට්‍රිලියන 164 ක් බවටද ගණන් බලා තිබෙනවා.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »