රාජකීය – ශා. තෝමස් ක්‍රිකට් ගැටුම බලන්න මෙල්බන් සිට කොළඹට විශේෂ ගුවන් යානයක්

ලොව ඉපැරණිතම පාසල් ක්‍රිකට් ගැටුමක් ලෙස සැළකෙන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂික නිල් මහා සටනේ 145 වන ගැටුම ලබන වසරට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් ඔස්ටේ්‍රලියාවේ වාසය කරන රාජකීය – ශාන්ත තෝමස් ආදි සිසුන් වෙනුවෙන් විශේෂ කර්තව්‍යයක් සංවිධාන කර තිබෙනවා.

Roy-Tho AirBus 2024 ලෙස නම් කර ඇති මෙහිදී සිදුවන්නේ ක්‍රිකට් තරගය නැරඹීම සඳහා එකම ගුවන් යානයකින් ශ්‍රී ලංකාව දක්වා ගමන් කිරීමයි.

2024 වසරේ මාර්තු 03 වනදා මෙල්බන් සිට කොළඹ දක්වා මෙම ගුවන් යානය ගමන් කිරීමට නියමිතයි.

අනතුරුව තමන් විසින් තෝරා ගන්නා දිනයක ආපසු මෙල්බන් දක්වා පැමිණිය හැකියි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර https://web.facebook.com/RoyThoAirbus යන ෆේස්බුක් පිටුවෙන් හෝ https://roythoairbus.com/වෙබ් අඩවියෙන් ලබාගත හැකි වනවා.

Email – [email protected]

මේ සම්බන්ධයෙන් ආදි රාජකීය ප්‍රවීණ තරග තීරක රංජන් මඩුගල්ලේ පළ කල අදහස් පහතින් :

https://fb.watch/o4axb5dZDr/?mibextid=Na33Lf

මරණ ගණන වත් තවම නොදන්න අසල්වැසියාගේ ව්‍යසනය

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමේ ව්‍යසනයෙන් පසු 4,000ක පමණ පිරිසකට ආහාර, ජලය සහ නවාතැන් ඇතුලු ආධාර අවශ්‍ය බව මානුෂීය සහන සංවිධාන පවසනවා.

Read More »

මුහුදේ ඉන්න මසුන් ඔස්ට්‍රේලියාව පළමු තැනට රැගෙන එයි

ලොව පුරා මුහුදු තීරයන්වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව අවට මුහුදු කලාපයේ මත්ස්‍ය විශේෂ වැඩි ප්‍රමාණයක් ජීවත්වන බවට නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »