ඔස්ට්‍රේලියාවේ ලිංගික රෝග 02 ක ආසාධිතයන්ගේ ඉහළයාමක්

ක්ලමිඩියා සහ ගොනෝරියා යන ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ආසාධිතයන්ගේ ඉහළයාමක් ඔස්ට්‍රේලියාවෙන් සටහන් වී තිබෙනවා.

2021-2023 වකවානුවේදී ක්ලමිඩියා රෝගීන් සංඛ්‍යාව 66,814 සිට 82,559 දක්වා සියයට 24 කින් ඉහළ ගොස් ඇති බවයි නවතම සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම මෙම වකවානුවේදී ගොනෝරියා රෝගීන් සංඛ්‍යාව 20,699 සිට 30,112 දක්වා සියයට 45 කින් ඉහළ ගොස් තිබෙනවා.

අවුරුදු 15 ත් 29 ත් අතර වයස් කාණ්ඩයේ ආසාධිතයන්ගේ කැපී පෙනෙන වැඩිවීමක් මෙහිදී නිරීක්ෂණය වන අතර ක්ලමිඩියා රෝගීන්ගෙන් සියයට 67 ක් සහ ගොනෝරියා රෝගීන්ගෙන් සියයට 50 ක් එම වයස් කාණ්ඩයයි නියෝජනය කරනු ලබන්නේ.

මීට ප්‍රධාන හේතුව ලෙසට හඳුනාගෙන ඇත්තේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳ තරුණ තරුණියන් නිසි ලෙස දැනුවත් නොකිරීම බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »