Engineered stone ගැන තීන්දුවක් ගැනීමට ප්‍රාන්ත සහ ෆෙඩරල් අමාත්‍යවරුන් සැරසෙයි

Engineered stone භාවිතය නතර කිරීමට ජාතික මට්ටමේ තහනමක් ගෙන එන්නේ නම් ඊට පූර්ණ සහය පළකරන බවට ACT ප්‍රාන්ත රජය දැනුම් දී තිබෙනවා.

කිසියම් අයුරකින් ෆෙඩරල් රජය එවැනි තීන්දුවක් නොගන්නේ නම් ප්‍රාන්ත රජය මට්ටමින් හෝ එවැනි නියෝගයක් පැණවීමට පියවර ගන්නා බවටයි ඔවුන් දන්වා සිටින්නේ.

දකුණු ඔස්ට්‍රේලියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත විසින්ද මේ හා සමාන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

engineered stone භාවිතය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ප්‍රාන්ත රජයේ සහ ෆෙඩරල් රජයේ අමාත්‍යවරුන් ලබන දෙසැම්බර මාසයේදී මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර Bunnings සහ IKEA වැනි අලෙවිසැල් තුළ engineered stone අලෙවිය නතර කරන්නැයි ඉදි කිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිය සමිති ඉල්ලීමක් කරනවා.

engineered stone භාවිතයේදී පිටවන දූවිලි අංශූ හමුවේ ඉදි කිරීම් සේවකයන්ට වැළඳිය හැකි ශ්වසන ආබාධ සහ පිළිකා අවධානම සැළකිල්ලට ගෙනයි මෙවැනි තහනමක් සඳහා ඉල්ලීම් කෙරෙන්නේ.

මෙම ද්‍රව්‍යය භාවිතයේදී විසිරෙන සිළිකා කුඩු හමුවේ ඉදි කිරීම් සේවකයන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටලු සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අනුව Engineered stone තහණම් කිරීම සම්බන්ධ රෙගුලාසි සකස් කිරීමේ වගකීම Safe Work Australia වෙත පවරා තිබෙනවා.

මුලුතැන්ගෙය ආශ්‍රිත ඉදි කිරීම් සඳහායි Engineered stone වැඩි වශයෙන් යොදාගනු ලබන්නේ.

Engineered stone සිළිකා කුඩු හේතුවෙන් වසරකදී ඔස්ට්‍රේලියානු සේවකයන් 100,000 ක් පමණ වකුගඩු – පෙණහලු ආශ්‍රිත රෝගවලට ගොදුරුවනවා.

පිහියකින් සන්න්ධ වූ මෙල්බන් කාන්තාවට පොලිසියෙන් වෙඩි

මෙල්බර්න් තෝන්බරි ප්‍රදේශයේදී පිහියකින් සන්නද්ධව සිටි කාන්තාවකට පොලිසිය කළ වෙඩි තැබීමකින් ඇය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

පිහි අපරාධ පාසල්වලටත් පැතිරෙයි?

බටහිර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්ෆීල්ඩ්ස්හි (Goldfields) පාසලකදී සිසුවෙක් විසින් පිහියක් පෙන්වා තවත් සිසුවෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බටහිර ඔස්ට්‍රේලියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාර පිළිබඳ දෙමාපියන් කනස්සල්ල පළ කර තිබෙනවා.

Read More »

මෙල්බන් සුපිරි වෙළඳසැල් කොල්ලයේ තවත් තොරතුරු එළියට

මෙල්බර්න් නගරයේ සුපිරි වෙළඳසැල් හතරකට තියුණු ආයුධ සහිතව කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙන්නම රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

Read More »

උපන් දිනය පෙනි පෙනී “සිඩ්නි” ගුවන් යානයේදී මියයයි

චිකාගෝ වෙත ගමන් කරමින් තිබූ ගිය ස්කයිවෙස්ට් ගුවන් යානයකදී අට හැවිරිදි දැරියක් හදිසියේ මිය යාම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

Read More »

ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළා. පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Travis Head ලකුණු 68ක් ලබා ගත්තා. මේ

Read More »