Search

VCE විභාගයේ ගැටලු ගැන වික්ටෝරියා රජයෙන් විමර්ශනයක්

VCE විභාගයේ ගැටලු සම්බන්ධයෙන් සොයා බලන බවට වික්ටෝරියා ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහතික වී තිබෙනවා.

12 වන ශ්‍රේණිය සිසුන් සඳහා සති 02 කට පමණ ඉහතදී පැවති සාමාන්‍ය ගණිතය ප්‍රශ්න පත්‍රයේ දෝෂ 02 ක් සම්බන්ධයෙන් විශාල පිරිසක් පැමිණිලි කර තිබුණා.

ළකුණු ලබාදීමේදී මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කරන බවටත් සිද්ධිය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවටත් වික්ටෝරියා ප්‍රාන්ත රජය පොරොන්දු වී තිබෙනවා.

මේ අතර දෙවන භාෂාව ලෙස VCE උසස් තරග විභාගය සදහා චීන භාෂා වැරදි ප්‍රශ්ණ පත්‍ර ලබාදුන් බවට සිසුන් ඇතුලු දෙමාපිය පිරිසක් පැමිණිලි කර තිබුණා.

උසස් පාසැල් දෙකක මෙලෙස නියමිත ප්‍රශ්ණ පත්‍ර වෙනුවට වැරදි ප්‍රශ්ණ පත්‍ර සිසුන් වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් සිසුන් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර ප්‍රතිඵල නිකුත් කිරීමේ දී අගතියට පත් සිසුන් හට සාධාරණයක් කරන මෙන් ඉල්ලා තිබෙනවා.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »