දකුණු ඔස්ට්‍රේලියා රෝගීන් ගිලන්රථ තුළ ගත කරන කාලය නැවතත් ඉහළට

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රෝගීන් රෝහල්ගත කිරීමට පෙර ගිලන්රථ තුළ ගත කරන කාලය නැවතත් ඉහළගොස් තිබෙනවා.

පසුගිය ජූනි මාසයේදී රෝගීන් පැය 3,105 ක කාලයක් ගිලන් රථ තුළ ගත කර තිබූ නමුත් ජූලි මාසයේදී එය පැය 3,354 ක් දක්වා ඉහළගොස් ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදීත් මෙලෙස රෝගීන් ගිලන්රථ තුළ ගත කල කාලය සියයට 5.8 කින් වැඩිවී තිබුණා.

ඒ අනුව මැයි මාසය තුළදී රෝහල් වෙත ඇතුළත් කිරීමට පෙර රෝගීන් විසින් ගිලන්රථ තුළ ගත කර තිබූ කාලය පැය 2,972 ක්.

කෙසේවෙතත් පසුගිය සමයේ අඩාල වි තිබූ ගිලන් රථ ප්‍රතිචාර දැක්වීමේ කාලය මේ වනවිට සියයට 68 කින් පමණ ඉහළගොස් තිබෙනවා.

ඒ අනුව හදිසි රෝගීන් සඳහා ප්‍රතිචාර දැක්වීම විනාඩි 08 ක් දක්වා අඩුවී ඇති බවයි දකුණු ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »