
වසර 34 කට පසු Australia Post විසින් වාර්තාකල ඉහළම අලාභය ගතවූ මූල්‍ය වර්ෂයේදී සටහන් කර තිබෙනවා.
2022-23 මූල්‍ය වර්ෂය සඳහා ඔවුන් විසින් ඩොලර් බිලියන 8.97 ක ආදායමක් වාර්තාකර ඇති නමුත් සමස්ත වියදම හා තක්සේරු කිරිමේදී ලබා ඇති අලාභය ඩොලර් මිලියන 200.3 ක් ලෙසටයි ගණන් බලා ඇත්තේ.
1989 වසරෙන් පසු Australia Post විසින් ලැබූ ඉහළම අලාභය ද මෙයයි.

ලිපි බෙදා හැරීම්වලින් පමණක් වාර්තා වී ඇති අලාභය ඩොලර් මිලියන 384 ක්.
2008 වසරේදී නිවසකට ලැබුණු ලිපි සංඛ්‍යාවෙහි සාමාන්‍යය 08 ත් 09 ත් අතර වුවද මේ වනවිට එය 02 කට පමණ සීමා වී ඇති බව සඳහන්.

පසුගි වසරේදී Australia Post විසින් බෙදා හැර ඇති ලිපි සංඛ්‍යාව බිලියන 02 ක් පමණ වන අතර එය පෙර වසරට වඩා සියයට 7.8 කින් පමණ අඩුවී තිබෙනවා.
එහෙත් පාර්සල් සංඛ්‍යාවෙහි ඉහළයාමක් සටහන්වී තිබීම විශේෂත්වයක්.