Search

ගව සහ බැටලු මස් මිළ අඩුවීමේ වාසිය ඔස්ට්‍රේලියානුවන්ට නොලැබීම පිළිබඳ විමර්ශනයක්

ගව සහ බැටලු මස් මිළ ගණන් අඩුවීමේ වාසිය ඔස්ට්‍රේලියානුවන්ට නොලැබීම පිළිබඳ වහා සොයා බලන්නැයි නැෂනල්ස් පක්ෂ නායක ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ් පාරිභෝගික කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

එම මස් වර්ගවල මිළ අඩුවී ඇති නමුත් සුපිරි වෙළඳසැල් සිය නිෂ්පාදන මිළෙහි කිසිදු අඩුවක් කර නොමැති බවටයි ඔහු චෝදනා කරන්නේ.

එබැවින් මාංශ ආශ්‍රිත නිෂ්පාදනවල මිළ ගණන් පිළිබඳ වහා විමර්ශනයක් සිදුකර සුපිරි වෙළඳසැල් වෙත නියෝග නිකුත් කරන මෙන් නැෂනල්ස් පක්ෂ නායකයා ඉල්ලීමක් කරනවා.

කෙසේවෙතත් ෆෙඩරල් රජය විසින් දැනටමත් මේ හා සමාන විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

කෘෂිකර්ම ඇමති මරේ වොට් විසින්ද පසුගියදා සුපිරි වෙළඳසැල් වෙත දන්වා තිබුණේ මාංශ මිළ අඩුවීමේ වාසිය ජනතාවට දීමට වහා පියවර ගන්නා ලෙසයි.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »