දින නියමයක් නොමැතිව ඔස්ට්‍රේලියා රැඳවුම් කඳවුරුවල රඳවා සිටි අනවසර සංක්‍රමණිකයන් 92 දෙනෙකු ඔවුන්ගේ මව් රටවල් වෙත යැවීමට සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම දිගුකාලීන රැදවුම් භාරයේ සිටින තවත් පුද්ගලයින් 340 ක් ඉදිරියේ දී අධියර වශයෙන් නිදහස් කිරීමටයි නියමිතව ඇත්තේ.
සංක්‍රමණ රැඳවුම් නියෝග සම්බන්ධයෙන් මහාධිකරණය ලබාදුන් නියෝගය අනුව මෙම නිදහස් කිරීම් සිදුකරනු ඇති.
දැනට පවතින සංක්‍රමණ රැඳවුම් නියෝග අභියෝගයට ලක්කරමින් ගොණුකල නඩුවක තීන්දුව මහාධිකරණය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
ඒ අනුව දින නියමයක් නොමැතිව සංක්‍රමණිකයින් රදවාගැනීම සංක්‍රමණික අයිතිවාසිකම් වලට පටහැනි බවයි මහාධිකරණය ප්‍රකාශ කලේ.
ආගමන විගමන අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් සදහන් කළේ මහාධිකරණ තීන්දු සලකා බලා ප්‍රජා ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් අදාළ නියෝග ඉටු කිරීමට තම රජය බැදී සිටින බවයි.
ඔස්ටේ්‍රලියානු සරණාගත මධ්‍යස්ථානය නිවේදනය කළේ සාමාන්‍යයෙන් සංක්‍රමණ රැඳවියන් දින 708 ක් රැදවුම් භාරයේ සිටින අතර මේ වන විට තවත් සංක්‍රමණිකයින් 124 දෙනෙකු වසර 05 කට වැඩි කාලයක් රැදවුම්භාරයේ සිටින බවයි.
මේ අතර වසර 20 ක් පමණ පැරණි සංක්‍රමණික නීති අවලංගු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.