
වික්ටෝරියා regional ප්‍රදේශයක අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් කිහිප දෙනෙකු මියගොස් ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය පවසනවා.
මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව ගසක ගැටීමෙන් අනතුරට ලක්ව එය ගිනිගෙන ඇති අතර ගමන්ගත් සියලු දෙනා මියයන්නට ඇති බවටයි වාර්තා පළවන්නේ.
කෙසේවෙතත් කොපමණ පිරිසක් මෙහි ගමන් ගත්තේද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැහැ.

මෙල්බන් නගරයට කිලෝමීටර් 214 ක් පමණ ඊසාන දිගින් පිහිටි මෑන්ස්ෆීල්ඩ් නම් නගරය ආසන්නයේදීයි මෙම අනතුර සිදුවී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර තොරතුරු වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

https://www.9news.com.au/national/piries-police-respond-to-horror-car-fire-in-victorias-northeast/880b9e9a-163f-4df8-8d69-ef40293d3a5a
https://www.abc.net.au/news/2023-11-12/car-crash-near-mansfield-in-victorias-high-country/103095264